Jump to content

User:Iroshan$64/sandbox/ayueveda

From Wikipedia, the free encyclopedia

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉන්දියානු උප මහාද්වීපය මුලාශ්‍ර කරගෙන හට ගත් වෛද්‍ය ක්‍රමයකි.[1] ‛ආයුෂ්’ යන්නෙන් දීර්ඝ ජීවිතය ද ‛වේදය’ යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ. මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය ‛ආයුර්වේදය’ ලෙසින් නම් කර ඇත. ආයුර්වේදය මත පදනම් වූ නවීන ප්‍රතිකාර ක්‍රම අනුපූරක නොහොත් වෛකල්පිත වෛද්‍ය ක්‍රමයක් ලෙස හැදීන්වේ.[2][3]

මෙසේ ඉන්දියාවේ ජනිත වූ ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි නම් ඍෂිවරයායි .එතුමා ආයුර්වේදීය ශල්‍ය සම්ප්‍රධායේ පියා ලෙසින් ද හැදින්වේ. ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. අද දින ද එය ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් භාවිතා කරන ක්‍රමයකි. වෙනත් රටවල් වල ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම සාමාන්‍ය සුවතාවය පිළිබඳව කරන්නාවූ ක්‍රියාවලි වලට අනුබද්ද වී ඇත.[4]

චරක සංහිතාවට අනුව මෙහි ජීවිතය යන්නෙන් විග්‍රහ කෙරෙනුයේ සිරුර, සංවේදී අවයව(පංචෙන්ද්‍රිය),මනස සහ ආත්මයයි.("ශරිරේන්ද්‍රිය සත්වාත්මා සංයෝගෝධාරි ජිවිතම් නිත්‍යගශ්චානු බන්ධශ්ච පර්යායෛරායුරුච්යතේ " - චරක සංහිතා/සුත්‍රස්ථාන 1/42)එසේ ඉහතින් දැක් වූ කරුණු පර්යාවලොකනයෙන් පෙනීයන්නේ ආයුර්වේදයෙහි මුලික අරමුණ වන්නේ ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික සුසංයෝගයන් පවත්වා ගැනීමෙන් දිර්ඝායුෂ පවත්වා ගැනීමය යන්නයි.තවද,ආයුර්වේදය යනු ‍ශල්‍ය චිකිත්සාව මගින් විදග්ධ සැත්කම් ක්‍රමය භාවිතා වන සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේදයන් අතලොස්සෙන් එකකි.

රසායනාගාර පරීක්ෂණ වලට අනුව ආයුර්වේදයේ භාවිතයට ගැනෙන සමහර ඖෂධ වලින් ප්‍රතිපලදායී ඖෂධ වර්ග නිපැයීමට හැකි වුවද, දැනට භාවිතා කරන අයුරින් ඒවා ප්‍රතිපලදායි බවට විද්‍යාත්මක සාක්ෂි නොමැත.[5] ආයුර්වේද විද්‍යාව විද්‍යාත්මක සමාජයේ ව්‍යාජ විද්‍යාවක් (pseudoscientific) ලෙස හැදින්වේ.[6] 2008 දී ඇමරිකා එක්සත් ජනපදයේ කරන ලද සමීක්ෂණයකින් ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද පේටන්ට් බලපත්‍ර සහිත අන්තර්ජාලය හරහා විකිනීමට ඇති ආයුර්වේද ඖෂධ වල 21%කට ආසන්න ප්‍රමාණයක විෂදායිවන තරම් බැර ලෝහ, (විශේෂයෙන් ඊයම්, රසදිය, ආසනික්) අඩංගු වන බව සොයාගෙන ඇත. මේවායින් ඇතිවන සෞඛ්‍ය බලපෑම හෙළි වී නොමැත.[7]

References

[edit]
  1. ^ Meulenbeld, G. Jan (2000). A history of Indian medical literature. Groningen: Forsten. ISBN 9069801248. Retrieved 5 February 2018.
  2. ^ Wujastyk, edited by Dagmar; Smith, Frederick M. (2008). Modern and global Ayurveda : pluralism and paradigms. Albany: State University of New York Press. ISBN 9780791478165. {{cite book}}: |access-date= requires |url= (help); |first1= has generic name (help)
  3. ^ "A Closer Look at Ayurvedic Medicine [CAM at the NIH, Fall 2005/Winter 2006]". 9 December 2006. Retrieved 5 February 2018.
  4. ^ "Complementary and Alternative Medicine | American Cancer Society". www.cancer.org. 26 August 2011. Archived from the original on 22 February 2014. Retrieved 10 February 2018. he effectiveness of Ayurveda has not been proven in scientific studies, but early research suggests that certain herbs may offer potential therapeutic value
  5. ^ Smyth, David Semple, Roger (2013). "Chaper 1: Psychomythology.". Oxford handbook of psychiatry (3rd ed. ed.). Oxford: Oxford University Press. ISBN 9780199693887. Retrieved 5 February 2018. {{cite book}}: |edition= has extra text (help)CS1 maint: multiple names: authors list (link)
  6. ^ Saper, Robert B. (27 August 2008). "Lead, Mercury, and Arsenic in US- and Indian-Manufactured Ayurvedic Medicines Sold via the Internet". JAMA. 300 (8). doi:10.1001/jama.300.8.915. ISSN 0098-7484. Retrieved 10 February 2018.

Cite error: A list-defined reference named "cancer org" is not used in the content (see the help page).

Cite error: A list-defined reference has no name (see the help page).

edited lede with references. talk page for discussion.